Saturday, March 22, 2008

විනාඩි විස්ෙස් විෙවික කාන්තාගරය
ඒදින මා

Thursday, March 20, 2008

දූව ග්‍රාමය
පුංචි රෝමය නමින් හැදින්වෙන මිගමුව මහා සාගරයද වටා ගොඩ නැගෙන බහුතරයක් ධිවර රැකියාවෙ නියුත වේ. එනම් මුහුදු අශ්‍රිතව හා කලපු අශ්‍රිතව ද කර්මාන්තයේ යේදේ. මීගමු ප්‍රදේශයට අයත් මුහුදු තිරයේ දිග කි. ම් 20 ක්ද කලපු තිරයේ දිග කි.මි 43,2 වේ. ඒ අතරින් දූව 162-ඒ ග්‍රාම වසමට අයත් ඡනගහණය 3598 වන අතර ස්ත්‍රීන් 1976 වන අතර පිරිමි 1622 වේ. විශාලත්වය වර්ග කි.ම් . 1 ක් වන අතර ධිවර රැකියාවෙන් හා කාලවට ලැදි කලාවට උරුමකම් කියන බොහෝ දැ නිර්මාණ වි ති‍ෙබ්. එයින් ද පාරම්පරික පාස්කු නාට්‍යය පැරණි ක්‍රිස්තු ප්‍රතිමාවද ඉතා වැදගත් බවක් ගැනේ. රඡතුන් කට්ටුව නාඩගමද, වැදි සෙල්ලමද විශේෂත්වයක් ගැනේ. තවද පැරණි ගවලෙනයද මෙම කලා කටයුතුවලට ‍අයත් වේ.

දුවේ පාස්කුව
ලංකාව තුළ දක්නට ලැබෙන ඉමහත් කීර්තියට පත් දූවේ පාස්කුව අදටත් ප්‍රසිද්ධියක් ලබයි. මෙය 1934 පමණ ගෞරවණීය මර්සලින් ඡයකොඩි පියතුමාගේ අතින් නිර්මණ වී
පසුව ක්ලේමන්ට් ප්‍රනාන්දු යම් යම් වෙනස් විම් මත සකස්වී ඇත. ග්‍රාමයේ සියලුම මිනිසුන් මැදිහත් වි නඵ නිළියන් ද තෝරා ගැනේ. වියදම් සඳහා කිසිම මුදලක් අය නොකරයි. මෙම පාස්කු රංගනය ඡේසුතුමාව හොසානා කියම්න් පිලිගන්නා සිද්ධියේ සිට මරණය දක්වා නිෑපණය වේ. තවද පාස්කු දර්ශනයට යොදා ගන්නා ප්‍රතිමාවද ඉතා වැදගත් වන අතර මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වේ.

රජතුන් කට්ටුව
වසර 200කට වඩා පැරණි දූවේ ‘රඡුතුන් කට්ටුව’නාඩගම පාරම්පරික කලාව හා සම්ප‍්‍රදායන් සුරකිමින් මීගමු දූවේ රඡුතුන් කට්ටුව නාඩගම කි‍්‍රස්තුන්වහන්සේගේ උපතේ සිට බයිබලයේ කුඵඳුල් දරුවන්ගේ විනාශය තෙක් වූ සිදුවීම් ආදිය එකතු කරමින් රඟ දක්වයි. වසර 200 ක් පමණ පැරණි දූවටම අවෙනික වූ මෙය ග‍්‍රාමයේ කලාවට ලැදි මුතුන් මිත්තන් විසින් ආගමික හා සංස්කෘති‍්‍රක කලා නිර්මාණයක් ලෙසින් මනාව ඔප්නංවයි. මිට පෙර පැරැණ්නන් විසින් රාති‍්‍ර 3ක් (තුන් දිනක්* කොටස් වශයෙන් මෙය නොමිළේම රඟදක්වන ලදී. ග‍්‍රාමවාසින්ගේ උදව් ඇතිව කරලිය නිර්මාණ කරමින් එය තුළ මෙය රඟ දක්වයි. සියලූම කතාව ගීයෙන් , තාලයෙන් රඟ දක්වයි. නඵ නිළියන් 200ක් පමණ මේ සඳහා දායක වේ. ලංකාවේ පළමුවන සිංහල කතෝලික නාඩගම වනුයේ රඡුතුන් කට්ටුව යැයි සම්මත පිළිගැනීමක් ඇත. 1882 දී ග්‍රෙබියෙල් ප‍්‍රනාන්දු මහතා මුලින්ම රඡුතුන් කට්ටුව නාඩගම නිර්මාණය කොට රඟ දක්වන ලදී. මෙය මුතුන් මිත්තන් විසින් රඟ දක්වමින් පවත්වාගෙන එන අතර මෙවන විට මිහිදුකුලසුරිය ජේමිස් ප‍්‍රනාන්දු පොතේ ගුරු ලෙස පුහුණුවීම් කරමින්ද , ධිවර ජනරංග කෙන්ද්‍රයේ දායකත්වයෙන්ද කරනු ලබයි. මෙවර 2008-2- 4දින ළමුන් යොදා ගනිමින් ළමා රඡුතුන් කට්ටුව දූව දේවස්ථානය ඉදිරිපිට කරළියේ ඉදිරිපත් කෙරිනි .මෙවැනි පාරම්පරිකව අපට උරුම වු කලාවන් රැක ගනිමින් ඒවාට වටිනාකමක් දීම අප හැමගේ යුතුකමක් සහ වගකීමක් වේ.

පාරම්පරික වැදි සෙල්ලම හෙවත් ඡවුසන් නැටිම










දූව ධිවරයා දකූණු ඉන්දියාව සමග පැවැත්තූ සබදකම් මත ඡවුසන් නැටිම රැ ගෙන ආ බව සිතිය හැකිය අපුැ හැගුම් මවන ගියකට තරැණයන් 15 දෙනෙකු රගදක්වයි පාරම්පරිකව පවත් වාගෙන එන කලාංගයක් ලෙස ඉදිපත් කෙරේ දැනට ප්‍රධානියකු ලෙස දූවේ ලක්ෂමන් මැල් මහාතා මෙය අරක්ෂා කිරිමට වෙහෙසක් දරයි , වැදි ඡනයාගේ නැටුම් වල තාලයට ඉදුරා වෙනස් අකාරයක් ගනි